සමාජ

දෙරණේ උත්තරීතර කාර්යයත් සමඟ, චතුර තැබූ සටහන….

අපට හැකිවුණා අද යුද හමුදාවේ විශේෂ බලකායේ ආබාධිත සෙබලෙකුගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරන්නට.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ කෝප්‍රල් පුෂ්පකුමාර.
යුද්ධයේ අවසන් සටනේ අවසාන මොහොතේ විශේෂ බලකායේ අට දෙනාගේ කණ්ඩායමක සටන් කරමින් සිටියදී පුතුමාතලන් යුද භූමියේදී එල්.ටී.ටී.ඊ. ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාර ලබා ප්‍රතිකාර සඳහා රැගෙන එන මොහොතේ නැවතත් එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව වසර ගණනාවක් තම දෑත් හා දෙපා අප්‍රාණිකව සිටි යුද සෙබලෙක්.
සිය ආත්ම විශ්වාසය නිසාවෙන්ම දෑත් යථාතත්ත්වයට පත්කරගැනීමට හැකියාවක් ලැබුණද ඔහු සදාකාලිකවම තම දෙපා අප්‍රාණිකත්වයෙන් පෙලෙනවා.
ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණේ රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් ඉදිරිපත් කිරීමයි.
අද දෙරණ අරුණ අපේ කණ්ඩායමට වෙසක් පුන් පොහොය දවසේ යුද්ධය නිමා වී දස වසරක් සපිරෙන තැන ඔහුගේ බලපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කරන්නට හැකියාව ලැබුණා.

මා යුද්ධයේ කටුක බව අත්විඳ ඇත…. යුද වාර්තාවකරණයේ මාධ්‍යවේදියෙකු ලෙස යෙදී සිට ඇත…. දස දහස් ගණනාවකගේ කඳුළු, වේදනාවන්, මළමිනී දැක ඇත….
යුද්ධය බිහිසුණු බව අත්විඳ ඇත…..
අපි නැවත කිසිදිනෙක යුද්ධයක් අපේක්ෂා නොකරමු..
යුද කාමියෙකු නොවෙමු….
යුද්ධය සඳහා වන හේතූන් අප වෙනස් කරමු….


චතුර අල්විස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button