දේශීය

ආහාර සඳහා හෝර්ටන් තැන්නෙන් කුරුමිණි අල්ලා ගත් චීන ජාතියකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කල චින ජාතිකයන් දෙදෙනෙකු ඊයේ(18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප්කුමාර මහතා පැවසීය.

මෙම චින ජාතිකයන් දෙදෙනා හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය සංචාරයක් සදහා අද පැමිණ මෙම කුරුමිණි විශේෂය අල්ලා රැගෙන යාමට උත්සහ කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කල බවයි ප්‍රදිප්කුමාර මහතා කියා සිටියේ.

එම චින ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, එම චින ජාතිකයන් දෙදෙනා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, මෙම චින ජාතිකයන් දෙදෙනා සන්තකයේ අල්ලා ගන්නා ලද කුරුමිණි විශේෂ 13ක් විශේෂ ආහාරයක් පිළියෙළ කිරිම සදහා සිය බැගය තුල සගවාගෙන රැගෙන යන බවට එම චින ජාතිකයන් දෙදෙනා විසින් වනජිවි නිලධාරින්ට ප්‍රකාශයක්ද දුන් බව ප්‍රදිප් කුමාර මහතා පැවසීය.

මෙවැනි තත්වයන් නිසා හොර්ටන් තැත්න ජාතික වන උද්‍යානය තුල විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්ද දියත් කර තිබෙනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button