දේශීය

නිකාබ් සහ බුර්කා අඳින්න නීතියෙන් අවසර ලැබෙයි

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි.

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අදාළ ලිපිය යොමු කරමින් විනය හා කල්ක්‍රියා නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.

ඒ අනුව නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ, හිස් වැසුම් පැලදීම පිළිබඳ නීතිය ද ක්‍රියාත්මක නොවන බව අදාළ ලිපිය මඟින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button