දේශීය

ගුවන් හමුදාවට වසර 68ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රි පාද පුදබිමේ පරිසරය සුරැකිමේ වැඩසටහන්

ශ්‍රි ලංකා ගුවන් හමුදාවට වසර 68ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රි පාද පුදබිම කේනද්‍ර කරගනිමින් පරිසර වැඩසටහන් ගණනාවක් ඊයේ(06) සිට ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක හා පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරධිපකි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාව පරිදි ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි කොළඹ ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරින් එයාර් කොමදොරු වර්ණ ගුණවර්ධන මහතාගේ අධික්ෂනය යටතේ ගුවන් හමුදා භටයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ සහ අද(07) ශ්‍රිපාද හැටන් මාර්ගයේත්, ශ්‍රි පාද රත්නපුර පලාබද්දල මාර්ගයේත් මෙම පරිසර වැඩසටහන දියත් කරනු ලබයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදා භට පිරිස් අද උදෑසන මස්කෙලිය සමන් දේවාලයේ විශේෂ පුජාවක් පවත්වා නල්ලතන්නියේ සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර තිබු ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍යය පරිසරයෙන් ඉවත් කිරිම එම මාර්ගයේ තිබෙන විශ්‍රාම ශාලාවන් පිරිසිදු කර තීන්ත ආලේප කර අලුත් වැඩියා කිරීම, සීත ගඟුලේ පරිසරය පිරිසිදු කිරිම, පරිසරය ආරක්ෂා කර ගැනිම සදහා ශ්‍රි පාද වන්දනාකරුවන් දැනුවත් කිරිම සදහා නාම පුවරු සවි කිරිම ඇතුළු පරිසර වැඩසටහන් ගණනාවක් ඊයේ දින දියත් කරනු ලැබුවා.

මෙවැනිම ගුවන් හමුදා භට පිරිසක් රත්නපුර පලා බද්දල මාර්ගය ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කර ශ්‍රි පාද වන්දනාකරුවන් විසින් ශ්‍රි පාද උඩ මළුවේ බැහැර කර ඇති ඝන අපද්‍රව්‍යය එක්රැස් කර එම ඝන අපද්‍රව්‍යය අද දිනයේ පහලට රැගෙන යාමට නියමිතයි.

අද දිනයේ හැටන් මාර්ගය ඔස්සේ සිදු කල පරිසර වැඩසටහන් ගණනාවක් රත්නපුර පලාබද්දල ශ්‍රි පාද මාර්ගයෙත් සිදු කරන බව එයාර් කොමදොරු වර්ණ ගුණවර්ධන මහතා මාධ්‍යය හමුවේ කියා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button