දේශීය

“VPN ලෑස්ති කරගන්න වෙන තැනට අපිව ගේන්න එපා”

- මහින්ද දේශප්‍රිය

2019 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණයට අදාල සියලු පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවයි.

මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ අදහස් දැක්වුවා.

“අද 12න් පස්සේ ප්‍රචාරක රැස්වීම් කටයුතු තහනම්. අපි බලාපොරොත්තු වෙනවා සමාජ මාධ්‍ය පරිශීලකයෝ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙයි කියලා. මගේ රූපේ දාලා පක්ෂයට ඡන්දේ දෙන්න කියපු රටේ ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි නරකට හැසිරුණොත් මොකද කරන්නේ? VPN ලෑස්ති කරගන්න කියලා තිබුණා මම දැක්කා ඒවා බොරු, එහෙම එකක් නෑ. හැබැයි අපිව එතනට ගෙනියන්න එපා. සමාජ ජාලාවල දැන්වීම් අපි ගලවන්න කියනවා හෙට ඉදලා. ඒ වගේම ඡන්ද කාර්යාල රෑ 12 සිට පවත්වන්න බෑ. ගම් මට්ටමේ තියෙන කාර්යාලවල කටවුට් ගලවන්න. කාර්යාලය අනිද්දා උදේ වහන්න. ඡන්ද ප්‍රදේශවල එක බැගින් තියන්න පුළුවන්…. කොට්ඨාස, ගම්, වීදි මට්ටමේ ඒවා ගලවන්න ඕන. රෑ 12න් පසු වක්‍රාකාර දේශපාලන ප්‍රවර්ධන වෙනවානම් ඒවා නවත්වනවා. ඒ වගේම රෝස්ටර් ක්‍රමයට උපවාස කිරීම නවත්වන්න. ආගමික වැඩවලදී අපේක්ෂකයන් ගැන කියන්න එපා. ආගම, රැකියා ස්ථානය අයුතු බලපෑමට වැටෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නෑ…. අපේක්ෂකයන් ප්‍රචණ්ඩක්‍රියාවලට විරුද්ධයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button