ව්‍යාපාරික

Dialog වෙතින් ශ්‍රී ලංකාවේ පළමු වරට Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර 4G Video Blaster පැකේජය හඳුන්වාදෙනු ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව අනෙකුත් Apps සහ සේවාවන් සඳහා 3.5GB ඩේටා නොමිලේ හිමිවේ. මෙය Anytime, Night time සහ Anytime 4G බෝනස් ඩේටාවලින් සමන්විත වේ.

‘Dialog 4G Video Blaster’ පැකේජය Dialog 4G SIM පතක් භාවිත කරන, 4G දුරකථනයක් ඇති ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයන් හට සක්රීය කරගත හැකි අතර, මෙමගින් Standard Definition වීඩියෝ (SD video) ලිමිට් නැතිව නැරඹිය හැක. MyDialog App එක මගින් www.dialog.lk/data වෙත පිවිසීමෙන් හෝ #678# ඩයල් කිරීමෙන් ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයෙක් හට දින 30 ක වලංගු කාලයක් සහිත Dialog 4G Video Blaster පැකේජය activate කර ගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් හට රු. 249 ක් රීලෝඩ් කිරීම මගින් ද පහසුවෙන් මෙම පැකේජය activate කර ගත හැක.

මේ පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata PLC සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ආචාර්ය රෙයිනර් ඩොයිෂ්මන් මෙසේ අදහස් දැක්වීය.“2020 වසරින් ආරම්භ වන නව දශකය සමඟ, ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය මෙන්ම වීඩියෝ සඳහා හොඳම ජාලය වන Dialog වෙතින් ශ්‍රී ලංකාවේ වීඩියෝ විප්ලවය ප්රථම වරට හඳුන්වාදෙනු ලැබුවා. ඒ හඳුන්වාදුන් අපගේ ‘Dialog 4G Video Blaster’ පැකේජය මගින් තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව සහ ඩේටා ගාස්තු නොමැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාකර දී තිබෙනවා. මෑතකදී අප හඳුන්වාදුන් ViU app මගින්ද මෙම නව හඳුන්වාදීමට ගැළපෙන පරිදි Dialog ජාලය තුළ Unlimited Live TV සහ Video-on-Demand සේවාවන්, ජංගම දුරකථනයෙන් හෝ ViU hub පහසුකම සහිත Android TV මගින් ඩේටා ගාස්තු රහිතව නැරඹීමේ හැකියාව උදා කර දී තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button