දේශීය

වුහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සති දෙකක් දියතලාව හමුදා කඳවුරකට

වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාව හමුදා කඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මෙහිදී ඔවුන්ව නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර අවශ්‍යනම් එම ප්‍රතිකාර ලබා දීමට කටයුතු සුදානම් කර ඇති බවට ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button