දේශපාලන

පාරිසරික අවදානම ගැන සජිත් කතා කරයි

පෙර නොවූ විරූ ලෙස ලෝකයම පාරිසරික ව්‍යාකූලත්වයට සහ අභියෝගාත්මක තත්වයකට මුහුණ දී සිටින බවත්,මේ තුලින් වන ජීවීන් සහ පරිසරය විශාල අවදානමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු මේ කරුණු අනාවරණය කළේ ස්ථාවර නියෝග 27(2) යටතේ ය.

සමස්ත ලෝකයම දේශගුනික සහ කාලගුනික වියවුල් බවක ගිලී සිටින බව කී හෙතමෙ මේ මොහොතේත් ඕස්ට්‍රේලියාව දැවෙමින් තිබෙන අතර ආර්ටික් ග්ලැසියර දියවෙමින් තිබෙන බවත් සඳහන් කළේය.

මේ ව්‍යාකූලත්වය අපේ රටටද විවිධාකාර ලෙස බලපෑම් කරන බවද හෙතෙම පැවසීය.

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමින් මිනිසුන් 120ක් මරණයට පත්ව ඇති බවත්, අලි 400ක් මරණයට පත්ව ඇති බවත් කී විපක්ෂ නායකවරයා, මේ ගැටුම කලමණාකරණය සදහා රජය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේදැයි විමසීය.

ඉකුත් සමයේ අලි මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාවයද විපක්ෂ නායකවරයා අවධානයට ලක් කළේය.

මේ අතර වද වී යන ශ්‍රී ලංකා දිවියන් දෙදෙනෙක් මේ වසරේ පළමු දින දහය තුල මරා දමා ඇති බවත්, කිසියම් සංවිධානාත්මක පිරිසක් වන සත්ව කොටස් ජාවාරමක් සිදු කරන බවට සැක කරන්නට සිදුව තිබෙන බවත් කීය.

මෙරටට ආවේනික වන සතුන් ආරක්ෂාවට තෙත් කලාප සුරක්ෂිත කිරීමෙහි වැදගත්කම ද විපක්ෂ නායකවරයා අවධානය යොමු කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමෙර්න්තුව ශක්තිමත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි විමසා සිටි සජිත් ප්‍රේමදාස, එම දෙපාර්තමෙර්න්තුවේ සේවය කරන ස්වේච්ඡා සේවකයින් 343 දෙනා ස්ථීර සේවයට එක් කර ගන්නේදැයි විමසීය.

වදුරන්, ඌරන්, මොණරුන්, විශාල වගා හානියක් කරන බවත් මේ තත්ත්වය පාලනය සදහා වැඩපිලිවෙලක් ආණ්ඩුව සතුව තිබේදැයි හෙතෙම විමසා සිටියේ ය.

සබැඳි ලිපි

Back to top button