විශේෂාංග

සරසවි වරම් දිනූ මුස්ලිම් සිසුවියට වෛද්‍යවරියක් වනතුරු සියලුම වියදම් පන්සලෙන්

සිය පියා විසින් ගඩොල් කපා උපයන මුදලින් ඉ⁣ගෙනගෙන සරසවි වරම් දිනූ සිසුවියක් පිළිබඳ පසුගියදා කරුණු වාර්තා විය.

මුස්ලිම් ජාතික ෆාතිමා මුසාදිකා නම් සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර ඇය ඉහළින්ම විභාගය සමත් වූයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙමිනි.

අැය සහ ඇගේ මව පියා තවමත් ජීවත් වන්නේ පොලිතීන් වලින් ආවරණය වූ නිවසකය.

මෙම කරුණු සැල වූ පසුව ඇයට උපකාර කිරීමට මූතුර් රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර ඉන්ද්‍ර ස්වාමීන් වහන්සේ මූලිකත්වය ගෙන තිබෙන අතර ඇය සරසවි අධ්‍යාපනය ලබා නිම වන තුරුම ඇගේ වියදම් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමට උන්වහන්සේ කටයුතු කර ඇත.

සිය පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් පමණක් ආගම ජාතිය විකුණාගෙන කන ඇතැම් භික්ෂුන්ටද, මුස්ලිම් දේශපාලකයින්ට ද මෙය කදිම පාඩමක් වනු ඇති අතර සැබෑ ආගමික සහජීවනය ද, සැබෑ බුද්ධ ශ්‍රාවකත්වයටද මෙය හොඳ උදාහරණයකි.

සබැඳි ලිපි

Back to top button