දේශීය

පහුගිය ජනාධිපතිවරණ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගෙන් unpය පළිගත් හැටි

පසුගිය ජනාධිපති වරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ආධාර අනුබල නොදුන් රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් (03) තුන් දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයකුට ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ස්ථාන මාරු ලබා දී තිබේ.

මෙයින් එක් ස්ථානාධිපතිවරයෙකු වෙන සිරිපාගම පොලිස් ස්ථානාධිපති සිටි ප්‍රසන්න නානායක්කාර මහතා වන අතර ඔහු සිරිපාගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම සහ අලෙවිය නිෂ්පාදනය සහමුලින්ම එම ප්‍රදේශය තුලින් මුලිනුපුටා දැමීමට කටයුතු කළ නිලධාරියකු බව ගම්වාසීන් ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආධාරකරුවකු වන බොටින් නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන ලබන ප්‍රධාන පෙළේ නීති නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවකුට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු විසින් ස්ථානාධිපතිවරයාට දිගින් දිගට බලපෑම් කර අතර එම බලපෑම් නොතකා ඔහුට නීතිය ක්‍රියාත්මක කළ නිසා ඒ සම්බන්ධයෙන් උරණ වූ මන්ත්‍රීවරයාගෙ බලපෑම් මත ස්ථානාධිපතිවරයාව මහනුවර ප්‍රදේශයට මාරු කර යවා ඇතැයි ගම්වාසින් සඳහන් කළා.

එම නිලධාරියා විසින් ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පාසල් සිසු සිසුවියන් සදහා තම පුද්ගලික ධනයෙන් පාසැල් නිළඇදුමෙ සිට සියළුම පාසැල් උපකරණ සැම වසරකම නොමිලේ ලබා දුන් බවත් රාජකාරියට එහා ගිය එවැනි සමාජ සේවා කටයුතුවල නියැලී සිටී සිටි ස්ථානාධිපතිවරයෙකු බවත් එම ගම්වාසින් වැඩිදුරටත් පවසා සිටියා.

මෙවැනි ම සමාජ සේවයක යෙදෙන නිවිතිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයාටද ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි නිවිතිගල ප්‍රදේශවාසීන් සඳහන් කළා. නිවිතිගල පොලිස් ස්ථානාධිපතිවරයා වසර එක හමාරකට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී ඉකුත් ජනාධිපතිවරණය සමයේ නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබුනු එක්සූ එක්සත් ජාතික පක්ෂයේ කොඩි සහ කටවුට් බැනර් ඉවත් කිරීමට නිසා උරණ වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරයෙකුගේ බලපැමි මත කෑගල්ලේ ප්‍රදේශයට මාරු කර යවා ඇති බවත් එම ප්‍රදේශ වාසීන් පවසා සිටියා.

මීට අමතරව පැල්මඩුල්ල පොලිස් ස්ථානයේ සිටි කීර්තිමත් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් ස්ථානාධිපති වරයෙකුත් ඉකුත් ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ස්ථාන මාරු කිරීමට කටයුතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button