දේශීය

සීගිරියේ නාන තටාකයේ ගල්වලට හානි කරන්න රසායනික ද්‍රව්‍ය දාලාද?

ඓතිහාසික සීගිරිය මාලිගා සංකීර්ණයේ පිහිටි “රාජකීය නාන තටාකය” පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීමක් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප අංක එක භාර පුරාවිද්‍යා නිලධාරි ධනුක උදයංග මහතා පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ, පුරාවිද්‍යා නිලධාරීන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතියේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාවට ලක්කළ බවයි.

නාන තටාකයේ ගලේ යම් වෙනස්වීමක් පැහැදිලිව පෙනෙන බවත්, ස්ථාන කිහිපයක මේ වෙනස්කම් පවතින බවත් ඔහු අවධාරණය කළා.

එම සිදුවීම මානව ක්‍රියාකාරකමකින් ඇතිවුණු එකක්ද? ස්වාභාවිකව ඇතිවුණු දෙයක්ද යන්න තහවුරු කර ගැනීමට රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බවත්, ඒ පරීක්ෂණයෙන් පසු ලැබෙන වාර්තාව මත මානව ක්‍රියාකාරකමකින් සිද්ධ වී ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්ථාන භාර පුරාවිද්‍යා නිලධාරි ධනුක උදයංග මහතා පැවසුවා.

රසායනික ද්‍රව්‍යයක් දමා ඇතැයි පැවැසෙන ස්ථාන දෙකේම පිහිටි ගලේ උඩට මතුවුණ “ගැටිති” දෙකක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම ගැටිති දෙකින් පටන් ගන්නා යම් ද්‍රාවණයක් වැක්කිරී යන ආකාරයෙන් නාන තටාකයේ පෘෂ්ඨය දිගේ පහළට ගලා ගොස් තිබෙනවා.

එයින් එක් ස්ථානයක් තටාකයට බසින පියගැටපෙළ වන අතර අනෙක් ගැටිත්ත තටාංකයේ මුල්ලක පිහිටා ඇති අතර 15 වැනි පියගැටේ පිහිටි ගැටිත්තෙන් පටන් ගන්නා දියරය 16 හා 17 පියගැටේ තැවරී 18 වැනි පියගැටේ ජල මට්ටම දක්වා ගලා ගොස් 19 වැනි පියගැටේ විශාල ප්‍රමාණයක තැවරී තිබෙනවා.

නාන තටාකයේ මුල්ලක පිහිටි ගැටිත්තට දැමූ යම් දෙයක් ද්‍රාවණයක් ආකාරයේ තටාකය දෙසට අඩි නවයක් පමණ පහළට වැක්කෙරී ඇති අතර එම ද්‍රාවණය වර්ෂාව පවතින අවස්ථාව වනවිට දුඹුරු අවපැහැයක් ගන්නා අතර අධික අව්රශ්මිය තටාකයට පතිත වනවිට දීප්තිමත් කිරි සුදු පැහැයක් ගනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button