දේශීය

හිරු TV විසින් විකෘති කළ, රංජන් රාමනායක අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව

බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පතොරම් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනුණා.

මේ අතර හිරු TV ආයතනය මේ සම්බනධයෙන් අසත්‍ය පුවතක් ප්‍රචාරය කර තිබෙනවා.

ඒ, මන්ත්‍රී රන්ජන් රාමනායක නිවසෙන් ගිනි අවියක්, හිස් පතොරම් කොපු, ජීව උණ්ඩ 127 ක්, අසභ්‍ය චිත්‍රපට හා විවිධ සංවාද ඇතුළත් සංයුක්ත තැටි 200 කට අධික ප්‍රමාණයක් සහ ලිංගික උපකරණ කිහිපයක්ද සොයාගත් බව සඳහන් කරමින්.

එම ආයතනයේ පුවත් යයි කියනා දේවල් තවදුරටත් පුවත් නොව ඕපාදුප, අපහාස සහ තමන්ගේ මල්ල පුරවා ගැනීමට කරනා උප්පරවැට්ටි බව බොහෝ උදවිය දන්නා කරුණක්.

කෙසේ නමුත් එය පුවත අසත්‍යක් වන අතර බලපත්‍ර නොමැති පිස්තෝලයක්, එම අවිය සඳහා භාවිත කරන 9 MM උණ්ඩ 127 සහ සැකකටයුතු ලේඛන කිහිපයක් පමණක් සොයාගත් ගෙන ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම හිරු TV වෙබ් අඩවියේ, රන්ජන්ගේ නිවසින් අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටි හමුවුණු බව සහ ලිංගික උපකරන හමුවූ බවට පළවුණු පුවතේ එම කොටස් සංස්කරණය කර ඉවත් කර තිබුණා.

මේ පිළිබඳව අපට ඇති ගැටලුව නම්, පොලිසියට හමු නොවුණු දේවල් හිරු TV ආයතනයට හමුවූයේ කෙසේද යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button