විදේශීය

ඕස්ට්‍රේලියාව තවමත් ගිනි ගනියි

සති කිහිපයක් පුරා ඔස්ට්‍රේලියාවේ පැතිර යමින් පවතින ලැව් ගිනිවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත. 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත.

එරට මාධ්‍ය වාර්තා කළේ, දැනට විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර මිලියන 10ක් බවයි.

වන සතුන් ලක්ෂ 5ක් පමණ ගින්නට හසුවී මියයන්නට ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කළේය.

පසුගිය ඔක්තෝබර් මස ගිනිකොණ ඔස්ට්‍රේලියාවෙන් ඇරඹි ලැව් ගිනි මේ වන විට වෙරළාසන්න ප්‍රදේශවලට වේගයෙන් පැතිර ගොස් ඇත්තේ, අක්කර මිලියන 4කට වැඩි ප්‍රමාණයක් විනාශ කරමින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වනාන්තරවල ජීවත් වූ කෝලා සත්ත්ව විශේෂයේ 28000 දහසකගෙන් 8000ක් පමණ මියගොස් අති බවට විශ්වාස කෙරෙයි.

ලැව්ගිනිවලට හසුවීමෙන් පළායාමට නොහැකිව වෙරළබඩ මැලකූටා නගරයේ කොටු වී සිටින දසකට වැඩි පිරිසක් බේරාගැනීම සඳහා විශාල නෞකා යොදාගෙන මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ලැව්ගිනිවල දුමාරය ඔස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 2000ක් ඔබ්බෙන් වූ සුප්‍රකට ග්ලැසියර පිහිටි නවසීලන්ත භූමිය ආක්‍රමණය කර තිබුණි.

ලැව්ගිනිවල බිහිසුණු බව කියාපාන ප්‍රබල ඡායාරූප කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණි.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ලැව්ගිනි ආපදාවෙන් දැඩි බලපෑමක් එල්ල වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොබාර්ගෝ (Cobargo) නගරයේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ අතර එහිදී ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

එහිදී සිය නිරීක්ෂණ චාරිකාව අතරමග නවතා දැමීමට අගමැතිවරයාට සිදුවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button