දේශපාලන

“පුලුවන්නම් මාව හිරේ දාපං” – විල්පත්තුවේ නැවත පදිංචි කරන්න සහය දුන්නේ රාජපක්ෂලා

මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ ‌මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

ඔවුන් ආණ්ඩුව කරන සමයේ නැවත පදිංචි වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඉන්පසුව තමන්ට දෝෂාරෝපණය කරන බවත්,

වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකු පවසන පරිදි තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවත් ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 15-16ක් තමන් ඇමතිධුර දරා ඇති බවත් ඉන් වසර 9ක කාලයක් තමන් අමාත්‍යවරයකු ලෙස සේවය කළේ රාජපක්ෂවරුන් යට‌තේ බව පැවසූ ඔහු එම සමයේ තමන් රට වෙනුවෙන් කැප වූ බවත් පැවසීය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයෙකු ලෙස සිටි අමාත්‍යාංශය භාරව සිටින වත්මන් ඇමතිවරයා රිෂාඩ් බදියුදීන් මහතාව හිරේ දමන බව පවසා ඇති අතර “පුලුවන්නම් මාව හිරේ දාපං” ලෙස පවසමින් ඔහුට අභියෝගයක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button