දේශීය

මැතිවරණ නීති වැඩියෙන්ම කඩ කරලා තියෙන්නේ හාමුදුරුවරු සහ ජනමාධ්‍ය

මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂතා කිහිපයක් දක්නට තිබෙන බව පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

“ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම මැතිවරණ නීති කඩ කළේ ජනමාධ්‍ය ආයතන. ඒක හරිම කනගාටුදායක මට්ටමක තිබුණා. අනික් පැත්තෙන් ආගමික නායකයින්, විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් දේශපාලනීකරණයට ලක් වෙලා තිබුණා….”

පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

“සමස්තයක් විදිහට ගත්තාම මේ පාර රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සිදුවුණේ අඩුවෙන්. විශේෂත්වය තමයි රජය පමණක් නොවේ විපක්ෂයත් රාජ්‍ය දේපළ අවභාවිත කළා. පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක බලය විපක්ෂයට තියෙන නිසා ඒ තත්ත්වය ඇති වුණේ. පළාත් පාළන ආයතන 23ක් සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ගැන පැමිණිලි ලැබී තියෙනවා. ඒ අතරින් පළාත් පාලන ආයතන 23ක බලය තියෙන්නේ විපක්ෂයට. ඒ නිසා පාලක පක්ෂය විතරක් මේ පාර රාජ්‍ය දේපළ අවභාවිත කළා කියන්න බැහැ”

යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button