දේශීය

පොහොට්ටුවේ බෝම්බ කතාවක් – ඉරාන්ගෙන් පැමිණිල්ලක්

පොදුජන පෙරමුණ ලබන සතියේ බෝම්බයක් පිපිරවීමේ සුදානමක් ඇති බවට තමන්ව tag කරමින් සංසරණය කරන ලද twitter පණිවුඩයක් සම්බන්ධයෙන්, ඉරාන් වික්‍රමරත්න ඇමතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහුගේ twitter ගිණුමේ පළ කර ඇත.

මේ twitter පණිවුඩයේ හරීන් පෙරේරා සහ අජිත් පී. පෙරේරා යන ඇමතිවරුන්ද tag කර ඇතැයි අදාළ පැමිණිල්ලේ සඳහන් ය. වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවිය යුතු බවද එම twitter පණිවුඩයේ සඳහන්ව ඇතැයි ඇමතිවරයා යොමු කළ පැමිණිල්ලේ දැක්වේ. මේ twitter පණිවුඩය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසද එමගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button