දේශපාලන

හිස්බුල්ලා නිසා රතන හිමි අපවත් වෙයි….?

"අපවත් වෙනවා කියපු රතන හිමි හිස්බුල්ලා එක්ක වේදිකාවේ"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ට එරෙහිවමීට මාරාන්තික උපවාස කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියනුත් හිස්බුල්ලත් දැන් එකම කඳවුරක එකම මැතිවරණ වේදිකාවක, ඒ ගොල්ලන්ට ජාතිවාදය අවුස්සන්න ඕනි වුණාම අවුස්සන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැලිමඩ දී පැවසීය.

ජාතික ජනතා බලවේගයේ වැලිමඩදී ඊයේ (29) පැවති මැතිවරණ ප‍්‍රචාරක රැලියකදී මේ අදහස් පල කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා,

“පසුගිය අප්‍රියල් 21 අර මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බෝම්බ කිහිපයක් පුපුරුවාගෙන විනාශයක් කළා. මේක කළේ ඉතාම සුළු මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක සාමාජිකයන් පිරිසක්. ඒක මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒකට පොදු මුස්ලිම් ජනතාව වග කියන්න ඕන නැහැ. හැබැයි ගෝඨාභයලා මොකද කළේ. මෙයට මැදිහත් වෙලා එයාලගේ වටේ ඉන්න අයත් එක්ක එකතු වෙලා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කළා. මුස්ලිම් ජනතාව බයේ හිටියේ. ඔන්න ඔය වෙලාවේ ඔබට මතකනම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා.

උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව ගැහැවුවා බැනර්, සෙත් පැතුවා, බෝධි පූජා තිබ්බා, රතන හාමුදුරුවන්ට මොනවා හරි වුනොත් ගිනි තියාගන්නවා කිව්වා, අපි කවුරුත් බයෙන් හිටියේ මොනවද මේ වෙන්න යන්නේ කියලා…. ඒ වෙලාවේ අර මුස්ලිම් නායකයෝ තනතුරු වලින් ඉවත් වුණා. රතන හිමියොත් උපවාසය අත හැරියා. දැන් මොකද වෙලා තියෙන්නේ.

ජනාධිපතිවරණය ආවා. හිස්බුල්ලා තීරණය කළා ගෝඨාභයට සහාය දෙන්න. අර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියොත් තීන්දුවක් ගත්තා. ගෝඨාභයට උදව් කරන්න. දැන් අර හිස්බුල්ලාව අයින් කරන්න කියලා උපවාස කළ රතන හිමියොත් හිස්බුල්ලත් එකම වේදිකාවේ. කිසි ප‍්‍රශ්නයක් නැනේ. ඒ ගොල්ලන්ට ජාතිවාදය අවුස්සන්න වුනාම අවුස්සනවා. තමන්ගේ වාසියට ඕන නැත්තම් පැත්තකින් තියනවා. මේ දවස්වල අර ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්න මොකුත් නෑනේ. ඒ නිසා අද දේශපාලනයේ සාදාචාරයක් නැහැ. දැන් අර ගිනි තියාගන්නවා කිව්ව අයට මොකද වෙන්නේ. මේ අය විශ්වාස කරනවා ජනතාව රවට්ටන්න ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා.”

එම උපවාසය කාලයේ විවිධ පුවත් වෙබ් අඩවිවල පළ වූයේ “රතන හිමි මියෙන තෙක්”, “අපවත්වන තෙක්” වැනි පාඨය. එහෙත් දැන් හිස්බුල්ලා සමඟ ගෝඨාභයගේ කඳවුරේ රතනද සිටිති. නමුත් තවම ‘ඔහු’ අපවත් වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button