දේශපාලන

සුදු ඇඳ ගත් විට අපරාධකරුවන් කාටත් වඩා සුදට පෙනෙන්නේය….

අපරාධකරුවන් සුදු ඇඳ ගත් විට කාටත් වඩා සුදට පෙනෙන්නේ ය. දේශපාලකයන් සුදු ඇඳගෙන ජනතාව ඉදිරියට යන්නේත්, පන්සල් – පල්ලි වලින් දවස පටන් ගන්නේත් ඒ් නිසා ය. ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි වලදී ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවට සියල්ල අමතක කරවන්නට ය. උසස් පෙළ විභාගය ලියන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන බව ගෝඨාභය රාජපක්ෂ කියයි. ඔහු ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන්නට යන්නේ දෙදහස් දොළහේ සැප්තැම්බර් විසි හත්වැනිදා ජනක – සිසිත මරා දැමූ පාරේ ය. යහපාලන ආණ්ඩුව පැමිණි දා සිට අධ්‍යාපන ඇමැතිවරයා වූ අකිල විරාජ් කාරියවසම් කියන්නේ තරුණ පරපුරට පැහැදිලි අනාගතයක් බිහි කරන බවයි. දෙදහස් පහළොවේ ඔක්තෝබර් විසි ඒක් වැනිදා ගජන් සහ සුලක්ෂන් යන විශ්වවිද්‍යාල සිසුන් මරා දැමුවේ මේ අකිල විරාජ්ලගේ ආණ්ඩුව ය.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමටත් පෙර ගජන් සහ සුලක්ෂන් බීමත්ව අනතුරට ලක් වී ඇති බව පොලිසිය කිව්වේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ ඒය රිය අනතුරක් බවයි. ඒහෙත් තාප්පයක හැපුණු බව කී සිසුන් දෙදෙනාට වෙඩි තබා මරා දැමූ බව තහවුරු විය. මේ සිද්ධියෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවෙන බව පෙනෙන්නට තිබිණි. ඒම නිසා මරණ පරීක්ෂණ වාර්තාව සැඟවීමට කටයුතු කෙරිණි. ඒහෙත් පසුව අනාවරණය වූයේ සිසුන් දෙදෙනා මත්පැන් පානය කර නැති බවයි. ඒනම් පොලිසිය වෙඩි තබා මරා දමා ඇති බවයි.

පසුව පොලිසිය පැවසුවේ සිසුන් දෙදෙනා අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබූ කතාවකි. ඒසේ නම් සිරුරු වලට වෙඩි උණ්ඩ ඇතුළු විය යුත්තේ පිටුපසින් ය. රිය පැදවූ සිසුවාගේ පපුවෙන් උණ්ඩය ඇතුළු වී තිබිණි. කැපුම් තුවාල තුනක් සහ අස්ථි බිඳීම් කිහිපයක්ද ඔවුන්ගේ සිරුරු වල විය. සිසුන්ගේ පපුවේ මෙන්ම මොළයේද තැළීම් රැසක් හඳුනා ගැනිණි. තරුණ පරපුරට පැහැදිලි අනාගතයක් බිහි කරන්නට හදන අකිල විරාජ්ලාගේ ආණ්ඩුව ගජන්ට සහ සුලක්ෂන්ට සාධාරණය ඉටු කරන්නට මැදිහත් වූයේ නැත. ඒ් වෙනුවට තවමත් නඩු ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ හමස් පෙට්ටියේ සඟවා තිබේ.

ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරන්නට කතා කරන ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබූ ආරක්ෂක අංශ වලින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනක සහ සිසිත මරා දැම්මේය. ගම්පහ, ඉඹුල්ගොඩදී සිදු කළ මේ ඝාතනය සාමාන්‍ය අනතුරක් ලෙස හඳුන්වන්නට පොලිසිය ඒ මොහොතේ උත්සාහ කළේය. කොළඹ – නුවර පාරේ වම්පසින් පැමිණි යතුරුපැදිය පාරේ දකුණුපස පිහිටි විදුලි කණුවක ගැටී අනතුර සිදු වී තිබිණි. පොලිසිය පැවසුවේ සිසුන්ට නින්ද යෑමෙන් අනතුර සිදු වී ඇති බවයි. එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් පවසන්නේ නින්ද යෑම නිසා අනතුරක් සිදුවුවහොත්, වාහනයේ වේගය අඩු වී සමබරතාව බිඳී ඇදවැටිය යුතු බවයි.

අනතුර සිදු වූ ස්ථානයේ ඩිෆෙන්ඩර් රථවලට යොදන ටයර්වලට සමාන ටයර් සලකුණු තිබිණි. පස් දමා ඒවා වසා දමන්නට උත්සාහ කිරීම පැහැදිලිව පෙනෙන්නට තිබූ කරුණක්. ශිෂ්‍ය නායකයන් දෙදෙනාගේ පාරේ තිබූ ලේ සලකුණුද වැලි දමා මකන්නට කිසියම් පිරිසක් උත්සාහ දරා තිබුණේය. අනතුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට පෙර මේ සාක්ෂි වෙනස් කිරීම බරපතළ කරුණකි.

එදින නිට්ටඹුව සහ ගම්පහ ප්‍රදේශවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන කිසිදු උත්සවයක් තිබුනේ නැත. ඒහෙත් ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථ කිහිපයක් ඒම ප්‍රදේශයේ ඒ් මොහොතේ සැරිසැරීම බරපතළ කාරණාවක්. ජනක සහ සිසිත ඝාතන සිද්ධියට අදාළ නඩුගොනුවත් වසර ඒක හමාරකට වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ පල් වෙමින් තිබේ.

ඔවුන් අධ්‍යාපනය නගා සිටුවමින්, රට දැනුමේ කේන්ද්‍රස්ථානය කරමින්, තරුණ පරපුරට පැහැදිලි අනාගතයක් උදා කරන්නට උත්සාහ කරන්නේ මේ පාරේ යමින් ය. යළිත් කිව යුතුය. සුදු ඇඳ ගත් විට අපරාධකරුවන් කාටත් වඩා සුදට පෙනෙන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button