දේශපාලන

2020 පෙබරවාරි 17 තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම සඳහා ලැබෙන ජනවරමක් සේ සලකා ක්‍රියා කරන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නක් කළ නොහැකි බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා, “මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසිරවීමට ලබෙන ජනවරමක් සේ සලකා ක්‍රියා කරනවා” කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානවලට පටහැණිව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කරන්න බෑ.

ලබන අවුරුද්දෙ පෙබරවාරි 17 වනදා වෙනකල් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ”

අජිත් පී. පෙරේරා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button