විශේෂාංග

අබු බකර්

මෙහි සිටින්නේ මේ වන විට ලෝකයේ දරුණු ත්‍රස්ථවාදී ක්‍රියා කරමින් මිනිසුන් සහ දේපළ විනාශ කරමින් ලෝකයට පිළිලයක්ව සිටි ISIS ත්‍රස්ථවාදී කණ්ඩායමේ නායකයාය. හේ ඉරාක ජාතිකයකු වන අතර නමින් “අබු බකර් අල් බග්දාදී” වේ.

1971 ජූලි 28 වනදා ඉරාකයේ සැමරා නගරය ආසන්නයේදී මෙලොව එළිය දුටු අබු බකර් සුන්නි ඉස්ලාම් වර්ගවාදියකු වූ අතර “අබුබකර්” “කලිෆ් ඊබ්‍රහිම්” “අබුදූආ” “ද ඉන්විසිබල් සෙයික් නැත්නම් සැගවුනු සෙයික්” යන අන්වර්ථ නාම වලින්ද හැඳින්විය.

සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් මොහුගේ පාලනයේ පැවති අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස IS සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණ.

2011 වසරේදී ඇමරිකාව ප්‍රකාශයට පත්කල ආකාරයට මොහුව ජීවග්‍රහයෙන් හෝ මරා අල්ලා දෙන්නෙකුට ඇ.ඩො මිලියන 25 ක් ලබා දෙන බව සඳහන් විය.

කුඩා කල සියා හා සුන්නි මුස්ලිම් වර්ගවාදයෙන් බැට කෑ දුප්පත් පවුලක ළමයෙක්ව සිටි මොහු බැග්ඩෑඩයේ මුස්ලිම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා “ආචාර්ය පදවියකින්ද” පිදුම් ලබා ඇති අතර BA, MA සහ PhD උපාධිද සම්පූර්ණ කොට තිබුනා.

මොහුගේ ප්‍රතිපත්තියට අනුව සියලුම මුස්ලිම්වරුන් ඔවුනට අවනත විය යුතු බව සඳහන් විය. දේශ සීමා ප්‍රතික්‍ෂේප කරමින් තම කලාපය ප්‍රසාරණය කර ගැනීමට මොහුගේ ISIS සංවිධානය නිතරම උත්සාහ දරමින් සිටියෝය. සුන්නි වර්ගවාදියකු වන මොහු හා ISIS කණ්ඩායම තමන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී අනුවාදයක් අනුගමනය කළ අතර එය ඇදහීමට සුදානම් නැති පුද්ගලයින්ට මරණය හිමි විය යුතු බව සැලකූහ. සටන් සඳහා මොහු සමඟ මිනීමරු සටන් කරුවන් 30,000 ක් පමණ අත්වැල් බැඳගෙන සිටියහ.

කෙසේ වෙතත් මොහු ISIS සංවිධානය ඇරඹීඹට ප්‍රථම “අල්කයිඩා“ සංවිධානයේ ඔසාමා බිල් ලාඩ්න් සමග ඉතා සමීපව ඇසුරු කර තිබිණ. බිල් ලාඩන්ගේ ඝාතනය වීමත් සමග අබු බක්ර නව මානයකින් “ISIS” නම් සංවිධානයක් බිහිකොට නැතිවූ අල්කයිඩාවේ අඩුව පිරවීය. ඊයේ(26) ඇමරිකානු හමුදාව සිරියාවේ සිදුකල හදිසි වැටලීමකදී කොටුවූ අබු බකර් බෝම්බ සවිකල ජැකට්ටුවක් පුපුරවාගනිමින් සියදිවි නසාගෙන තිබුනු අතර මිය යනවි⁣ට ඔහු 48 වන වියේ පසුවුනා.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button