විදේශීය

ISIS නායක අල් බග්දාදි ඝාතනය කෙරේ

ISISනායක අබු බකර් අල් බග්දාදි ඝාතනය කර ඇති බවට විදෙසස් මාධ්‍ය සදහන් කරයි. පසුගිය සෙනසුරාදා ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ කළ මෙහෙයුමකදී ISIS නායකයා මරා දමා ඇති බව අනාවරණය වේ. ඒ අනුව මිය ගිය සිරුරු වල ඩී එන් ඒ පරික්ෂාවේ වාර්ථා පැමිණෙන තුරු මේ පිළීබදව තහවුරු කිරීමට කාලය අවශ්‍ය බව ඇමරිකානු හමුදා පවසයි .ISIS නායකයා මිය යන්නට ඇති බවට සැක කෙරෙන්නේ ඇමරිකානු හමුදා විසින් සිදු කළ වැටලීමේදී විසින් බෝම්බ සහිත කබායක් පුපුරුවා ගැනීමේනි. ඔහු ඉන්නා තැන නිශෟචිතවම හදුනාගැනීම සදහා සී අයි ඒ සහය ලැබුණූ බව ඇමරිකානු හමුදාව පවසයි. ඇමරිකානු නිවුස්වීක් ෆස්ට් ප්‍රඡමයේන් වාර්ථා කරනු ලැබුවේ අල් බගාදි අයි එස් අයි නායකයා ඝාතනය වූ බවට විශ්වාස කෙරෙන බවයි.

ඇමරකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ පිළීබදව අද උදෑසන 9ට ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ධවල නියෝජ්‍ය මාධ්‍ය ලේඛම් හොගන් ගිඩ්ලි නිවේදනය කරන ලදී. නමුත් පෙන්ටගනය මේ පිළීබදව ප්‍රතිචාර දැක්වීමට කල් ගෙන ඇත.

අල් බග්දාදි ISIS නායකයා පසුගිය වර්ෂ පහක කාලය තුළ සැගවී සිටි අතර තන් අල් බග්දාදි නමින් පවසා ගන්නා පුද්ගලයෙකුගේ වීඩියේ පටය් පසු ගිය අප්‍රේල් මාසයේදී ISIS මාධ්‍ය අංශය විසින් නිකුත් කෙරිණ. එය වීඩියෝ ගත කර තිබුණේ පසුගිය ජූලි මස 14 වන දින මෝසුල් හී පල්ලියේදීය.

2018 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියේ බග්දාදි 2017 මැයි මාසයේදී ගුවන් ප්‍රහාරයකින් තුවාල ලබා ඇති අතර ඔහුගේ තුවාල හේතුවෙන් ත්‍රස්ත කණ්ඩායමේ පාලනය මාස පහක් දක්වා අත්හැර දැමීමට සිදු ව ඇති බවයි.

2010 වසරේදී බග්දාදි ඉස්ලාමීය රාජ්‍යයේ (අයිඑස්අයි) නායකයා ලෙස පත්විය. ඔහු 2013 දී අයිඑස්අයි සිරියාවේ අල්කයිඩා පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායමක් අන්තර්ග්‍රහණය කරන බව ප්‍රකාශයට පත් කළ අතර ඔහු කියා සිටියේ තම කණ්ඩායම දැන් ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය (ලෙවන්ට් ලෙස හඳුන්වන) ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button