දේශපාලන

හොර අගමැති කුමන්ත්‍රණයට අදට වසරයි

නීතියානුකූල ආණ්ඩුව සොරකම් කළ හොර ආණ්ඩුවක් අදට (ඔක්තෝබර් 26) හරියටම වසරකට පෙර පත්වූවා ඔබට මතකද…?
එය මේ රටේ නීතිය අනුව දින 52කට පමණක් සීමා වූ බවත් ඔබට මතකද…?

දැන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහලින් කතා කරන ඔවුන්, එදා දූෂණය කලෙත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. කතා නායක කරූ ජයසූරිය එම හොර ආණ්ඩුව පත් කර ගැනීමට එරෙහිව කතා කරද්දී පාර්ලිමේන්තුව තුලදීම කතා නයකට පහර දීමට සූදානම් වූ අයුරුත්, මිරිස් කුඩුවලින් පොලිසියට ගැසූ අයුරුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසිකළ අයුරුත් මේ රටේ වහල් නොවන ජනතාවට අමතක විය නොහැකිය.

පොලිසියට මිරිස් කුඩු ගැසූ අයුරු
ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසිකළ අයුරු
ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසිකළ අයුරු
ප්‍රසන්න රණවීර විසින් කතා නායකවරයාගේ අසුනට වතුර හැලූ අයුරු

එම කාලය තුලදී 2015 ට පෙර පැවති ආකාරයෙන්ම තමන්ගේ ඒකාධිපති රංගනය ඉදිරිපත් කල ඔවුන්ගේ කුමන්ත්‍රණය තුන් වරක්ම පාර්ලිමේන්තුවේ පරාජය වෙද්දී, අධිකරණය අබියසදී නැවත පරාජය වෙද්දී දැන් ජනතාව ඉදිරියේ අහිංසක රංගනයක් ඉදිරිපත් කරමින් නැවතත් බලයට එන්නට පොර බදති.

නමුත් සදාචාරාත්මක ලෙස, නීත්‍යානුකූල ලෙස එවැනි නීති විරෝධී ක්‍රියාවක් කල ඔවුන්ට නැවතත් මෙසේ බලය ඉල්ලා සිටීමට අයිතියක් ඇතිදැයි ප්‍රශ්න කල යුතුමය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button