දේශීය

ගෝඨාට එරෙහිව, ලසන්තගේ දුව ගොනු කළ නඩුව විසිවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ.

අප්‍රේල් මස15 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම පිළිබඳව චෝදනා එහි ගොනු කර ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ඇමරිකානු අධිකරණයක පවරා තිබූ මෙම නඩුව සම්බධන්යෙන් පසුගිය දිනවල අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ දේශපාලන වුවමනා මත එවැන්නක් සිදුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button