දේශපාලන

හමුදාපති ගෝඨාගේ දැන්වීමක

ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පසුගිය යුධ සමයේ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සැපයූ විශේෂ සහායන් පිළිබඳව ඔහුව අගය කරමින් 2009 වසරේ දෙසැම්බර් 28 වනදා සිදුකල ප්‍රකාශයක් සදහන් කරමින් මැතිවරණ ප්‍රචාරණ පුවත්පත් දැන්වීමක් පළකර තිබේ.

හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති අද්මිරල් ඔෆ් ද එයා ෆෝර්ස් රොෂාන් ගුණතිලක, හිටපු යුධ හමුදාපති ජනරාල් දයා රත්නායක යන නිලධාරීන් විවිධ අවස්ථාවලදී සිදුකල ප්‍රකාශයන් සමඟ වර්ථමාන යුධ හමුදාපතිවරයාගේ ප්‍රකාශය මෙසේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීමේ පළකර ඇත.

සති අන්ත සිංහල ඉරිදා පුවත්පත් කිහිපයක මෙම දැන්වීම පළකර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සක්‍රීය සේවයේ සිටින බැවින් ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සදහා ඔහුගේ රුව ඇතුලත් කිරීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සේම සදාචාර විරෝධී ක්‍රියාවක්ද වන බවයි මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන සමාජජාල ක්‍රියාකාරීන් රැසකගේ මතය වී තිබෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දැනුවත්ව ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් යුධ හමුදාව නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button