සමාජ

“සීනිවලට වස”

සීනි කියන්නේ මොනවද කියලා ඔබට අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

අද වෙනකොට සීනි පරිභෝජනය අත්‍යවශ්‍ය තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා.

කෙසේවෙතත් අපගේ ප්‍රධාන පරිභෝජන ද්‍රව්‍යයක්වන සුදු සීනි සඳහා විෂ රසායනික මිශ්‍ර කිරීමේ ජාවාරමක් දැන් හෙළිවෙමින් පවතිනවා.

ඒ බොහෝ විට සුපිරි වෙළඳසැල්වල සහ සිල්ලර වෙළඳසැල්වලදී බවයි වාර්තා වෙන්නේ. ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ කූඹි සහ පැණිරසට ආකර්ෂණයවන කුඩා සතුන්ගෙන් සීනි ආරක්ෂා කර ගැනීමයි. බොහෝවිට කිරා විකුණන සීනි සඳහා මෙය සිදු කෙරෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

වඩාත් හොඳ සුදු සීනිද? රතු සීනිද?

මොන සීනි වුනත්, සීනි කියන්නේ ශරීරයට ඒ තරම් හිතකර දෙයක් නම් නෙවෙයි. දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග ඇති වීමටත් සීනි බලපෑම් කරනවා. සීනිවල වර්ණ අනුව සුදු හා දුඹුරු ලෙස වර්ග කරනවා. මේ අතරින් තරමක් හෝ හිතකර වන්නේ දුඹුරු පැහැ සීනියි.

සුදු සීනි

සීනිවල පිරිසුදු සුදු පැහැය ගැනීමට සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩ්රොක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්‍රව්‍ය එක් කරනවා. මේවා ස්වල්ප වශයෙන් හෝ විවිධ ආහාරවලින් ශරීරයට එක්වනවා නම් ඇදුම හා පිළිකා වැනි රෝගවලට පසුකාලීනව බලපාන්න පුළුවන්. ඉහත සඳහන් කළ රසායන ද්‍රව්‍ය නියමිත ප්‍රමාණවලින් යොදා ගමිනින් එක් කළත් දිගුකාලීනව ආහාරයට ගන්නා විට, ඒවා ටික ටික එක් වී අහිතකර බලපෑම් ඇති විය හැකියි.

රතු සීනි

රතු සීනිවලට රසායන ද්‍රව්‍ය එක් නොකරයි. නමුත් ළා දුඹුරු වර්ණ සීනි තරමක් පිරිපහදුවට ලක්කර තිබෙන්නට පුළුවන්. නියම සීනි නිපදවන්නේ උක් ගස්වලින් හෝ බීට්රූට් වර්ගයකින්. එම සීනි තද දුඹුරු පැහැයක් ගන්නා අතරම එහි පොටෑසියම්, කැල්සියම්, අයන්, මැග්නීසියම් හා විටමින් බී වර්ග අඩංගුයි. මෙවැනි පෝෂ්‍ය කොටස් සීනි සුදු පැහැයට ගැනීමට යොදන රසායන ද්‍රව්‍ය හේතුවෙන් විනාශයට ලක්වෙයි. රතු සීනිවල කෙඳි සහිත බව ඒවා පිරිපහදුවලට ලක්කරන විට ඉවත්ව යයි. රතු සීනිවල අඩංගු කැලරි ප්‍රමාණයද සුදු සීනිවලට සාපේක්‍ෂව අඩු අගයක් ගනියි. රතු සීනි එක් කළ විට ආහාරවල නියම රසයත් අත්විඳින්න පුළුවන්.

සුදු සීනිවලට සාපේක්‍ෂව දුඹුරු සීනිවල කැලරි අඩු වුවද රුධිරගත සීනි මට්ටම වැඩිවීමටද සීනි බලපෑම් කරන නිසා සීනි භාවිතය එතරම් සෞඛ්‍යසම්පන්න වෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button