ක්‍රීඩා

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වුණු දෙවන 20 යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 35ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟාවලියේදී පන්දු වාර 19ක් අවසානයේ ලකුණු 147කට පාකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඒ අනුව ලකුණු 35ක ජයක් ශ්‍රී ලංකා පිලට හිමි විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 182ක් ලබා ගත්තේය. භානුක රාජපක්ෂ ලකුණු 77ක් ලබා ගත් අතර ශේහාන් ජයසූරිය ලකුණු 34ක් ලබා ගත්තේය.

පන්දු යැවීමමේදි නුවන් ප්‍රදීප් ලකුණු 25කට කඩුළු 4ක් දවා ගත් අතර වනිදු හසරංග ලකුණු 38කට කඩුළු 3ක් දවා ගත්තේය.

පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64 ක ජයක් වාර්තා කළ අතර පාකිස්ථානය සමඟ පැවති 20යි 20 තරග දෙකක ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button