දේශපාලන

ගෝඨාභය ජයගනියි….!

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම මෙන්ම ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කර තිබෙනවා.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button