දේශීය

ආර්ථිකය කඩා වැටෙන්නේ බෝම්බ ප්‍රහාර වලින් විතරක් නෙමෙයි

දුම්රිය සෙවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ ඉකුත් 25 දින මධ්‍යම රාත්‍රියේදි හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබු දුම්රියක් තවමත් එම ස්ථානයේ එලෙසම නවතා තිබේ.

එදින සිට දින හතක් වන ඊයේ(01) දක්වා උඩරට දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ධාවනය නොකෙරුණු අතර වර්ජණය ආරම්භයේ නතර කරනු ලැබූ මෙම දුම්රියේ තිබූ තැපල් මලු රැසක් තැපැල් දෙපාර්තමේන්තුවේ හැටන් කාර්යාලයේ බාරයට ගෙන අදාල ප්‍රදේශ වෙත බෙදා හැරිමට පියවර ගනු ලැබීය.

වර්ජනය ආරම්භයේ දුම්රිය නොමැතිව කාර්යාල සේවකයින් හා සාමාන්‍ය මගීන් පමණක් අපහසුතාවයට පත්වුවත් පසුගිය සඳුදා සිට පාසල් සිසුන්ද දැඩි අසීරුතාවයට පත්ව සිටිති. එමෙන්ම දුම්රිය ස්ථාන ආශ්‍රිතව රැකියා කරන ආපන ශාලා, ත්‍රිරෝද රථ හා වෙනත් ප්‍රවාහන සේවා සැපයීම ආදි වෘත්තිකයන් රැසක් සහ දුම්රියේ රටකජු වඩේ විකුණන පුද්ගලයා දක්වා මෙම වර්ජනය නිසා අපහසුතාවයට පත්ව සිටිති.

ඒ අතර කඳුකරයේ දෙස් විදෙස් සංචාරක කර්මාන්තයටද මෙම වර්ජනය මරු පහරක් බවට පත්ව ඇත. උඩරට ප්‍රදේශයේ සෞන්දර්යාත්මක ස්ථාන රැසක් දුම්රිය මාර්ග ආශ්‍රිතව පිහිටා තිබීම නිසා එම ස්ථාන නැරඹිමට බහුතරයක් විදේශිකයින් මෙම ප්‍රදේශයේ සංචාරය කරනුයේ දුම්රියෙනි. නමුත් වර්ජනය හේතුවෙන් මෙවන් ක්ෂේත්‍ර රැසක් අකර්මණ්‍ය වී ඇති අතර එය ඔවුන් සියල්ලන්ගේ ආර්ථිකය කඩා වැටිමට හේතුවක් වී තිබේ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button