දේශපාලන

හිටපු යුධ හමුදාපති ජනපති සටනට

හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබුවා. ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවති එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී.

එහිදී එම ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජෙනරාල් වරායව හඳුන්වා දෙමින් වේදිකාවට රැගෙන ආවේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය අජිත් කොලොන්නේ මහත්වරුන් විසිනි. ඔහුව හදුන්වා දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වසර 38ක හමුදා සේවයෙන් පසුව පසු ගිය අගෝස්තු 18 වන දින විශ්‍රාම යාමෙන් අනතුරුව තමාට විවිධ දේශපාලන පක්ෂ වලින් විවිධ යෝජනා පැමිණියත් ඒ පිලිබඳ කල්පනා කිරීමේදී ඔහුට වැටහුනේ ඔහු එම කණ්ඩායම් වල සිටිය යුතු කෙනෙක් නොවන බවට තමන්ට හැගී ගිය හෙයින් මෙම විකල්ප කණ්ඩයම හා එකතුව අප රට වැටි ඇති ව්‍යසනයෙන් ගොඩ නැගීමට ඉදිරිපත් වූ බවය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කලේ ලංකාව යන රට දියුණු විය හැකි සෑම සම්පතකින්ම සමන්විත වුවත් එය නිසි ලෙස කලමණාරය කිරීමට වත්මන් හෝ හිටපු කිසිම පාලකයකු සමත් නොවූ නිසා අද රට මෙවැනි තත්වයකට පත්ව ඇති බවයි.

එහිදී එම ජනතා ව්‍යාපාරයට එකතු වී සිටින කිසිවකු, කිසිදු චෝදනාවක හෝ හොරකමකට සම්බන්ධ නොවූ දැනුමෙන් අත්දැකීමෙන් පොහොසත් කණ්ඩායමක් බවට ප්‍රකාශ කල ඔහු එම අවස්ථාවට කිසිදු දේශපාලන නායකයකු සම්බන්ධ නොවුයේ ඒ නිසා බව ප්‍රකාශ කරන ලදී.

යල් පැන ගිය ව්‍යවස්ථාව වෙනුවට මේ වන විටත් නව ව්‍යවස්ථාවක් තම කණ්ඩායම කෙටුම්පත් කරමින් සිටින බව සහභාගී වුවන් දැනුවත් කල ඔහු රටේ එකිනෙකට වෙනස් නොවන සෑම දෙනාටම පොදු වූ එක නීතියක් ස්ථාපිත කරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

කිසිදු විටක කිසිවකුට වෙනස් කල නොහැකි දේශීය සන්මනායක් තම කණ්ඩායමේ පාලනය තුළද ඇති කරන බව ප්‍රකාශ කල ඔහු නැති වී ගිය “MADE IN SRI LANKA” නැවත ගොඩ නැගීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

අවුරුදු 71ක් තිස්සේ පැවතී දේශපාලනය තුල රටට සිදු වූ කිසිදු යහපතක් නොවූ නිසා රට ගොඩ නැගිමටනම් අනිවාර්යයෙන්ම අප රටට අවශ්‍ය වන්නේ පක්ෂයක් පාටක් නොමැති සස්වාධීන අප්ක්ෂකයකු බවත් ඒ සඳහා තමන් ඉදිරිපත් වන අතර කණ්ඩායමට රකින්නට පක්ෂයක් හෝ පාටක් නොමැති නිසා රකින්නට පමණක් බව විරුද්ධ අය සිටිනවානම් බවත් රට වෙනුවෙන් තමන් හා තම කණ්ඩායම සමඟ එකතු වන මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරන ලද අතර දුෂිත දේශපාලකයන් මේ රටෙන් අතුගා දමා අපේ රට සුන්දර නිවහල් දේශයක් කරන්නට තමන් කිසදු තර්ජනයකට භය නොවී රටේ ජනතාවගේ විකල්ප නායකයා ලෙස තමන් ඉදිරිපත් වී සිටින බව ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button