දේශපාලන

යෝෂිතට රස්සාව දුන්නේ වෙඩින් එකට ‘නාවික හමුදා ඇඳුම’ අඳින්න

විපක්ශ නායක මහින්ද රාජපක්ෂගේ දෙවනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවා. ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක් අනුව නාවික හමුදාපතිවරයා විසින් මෙය ක්‍රියාත්මක කරනු ලැබූ අතර දේශපාලන විශ්ලේෂකයන් මෙය හැඳින්වූයේ ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවරුන්ගේ හිත ගැනීම උදෙසා දුන් සුළු අල්ලසක් බවයි.

එහෙත් සැබෑම කාරණය එළිව ඇත්තේ ඉන් පසුවයි. යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නාවික හමුදා ඇඳුම භාවිතා කිරීම උදෙසා තමන්ගේ තනතුරේ පිහිටුවීමට ඉල්ලා ඇති බවත්, හුදෙක්ම එය පුද්ගලික ආශාවක් උදෙසා සිදුව ඇති ඉල්ලීමක් මෙන්ම එයට පිළිතුරු සැපයිමක් බවත් වාර්තා වෙනවා.

සිය සහෝදරයන් දෙදෙනාගේම විවාහ මංගල්‍යයන් පැවතියේ එකම ආකාරයෙන් වීමත්, ඉතා ගරුගාම්භීරව කඩු යටින් ගමන් කරමින් මිලිටරි උත්සවාකාරයෙන් යෝෂිතගේ විවාහය පැවැත්වීම ඔහුගේ මෙන්ම රාජපක්ෂ පවුලේ අනිත් අයගේද අවශ්‍යතාවය විය හැකිය.

ඒ උදෙසා සිරිසේන ජනාධිපතිවරයා වහාම මැදිහත්වී යෝෂිත නැවත තනතුරේ පිහිටුවා ඇත්තේ ඔහු සම්බන්ධයෙන් පවතින නඩුවද තවමත් විභාග වෙමින් පවතින වටපිටාවකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button