දේශපාලන

එක්සත් වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ.

එක්සත් වාමාංශික පෙරමුණ හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන අනුරකුමාර දිසානායක මහතාට සහයෝගය දෙමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරිමට ද මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළ බව හෙතෙම පැවසිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button