දේශීය

ගාල්ල මාතර – ගංවතුරෙත් පාසල් සේවකයෝ වැඩ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙන අතර එසේ තිබිය දී එම පාසැල්වල සේවය කරනු ලබන අනධ්‍යයන සේවකයින් සඳහා නිවාඩු ලබා දී නොමැති බව එම සේවකයින් සඳහන් කළා.

මෙම අසාධාරණයට ලක්ව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ය.

මේ පිළිබඳව අප ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට මෙවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවත් මේ පිළිබඳව සොයා බලන බවත්ය.


ජි. ඒ. එස්. ගමඇතිගේ
ජනයුගය – පැල්මඩුල්ල වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button