දේශපාලන

මෛත්‍රී – 2020 මැයි 15 වනතෙක් ජනාධිපති….?

සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් ඊයේ (18) ගැසට් නිවේදනය නිකුත් කෙරුණු වහාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සිය මත විමසීම ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි ධුර කාලසීමාව වසර හයක් නොව පහක් බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ තර්කය වී ඇත්තේ එම වසර පහක ධුර කාලය ආරම්භ විය යුත්තේ 19 වන සංශෝධනය බලාත්මක වූ, එනම් එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබූ දිනයේ සිට බවයි. කථානායකවරයා ඊට අත්සන් තබා ඇත්තේ 2015 මැයි 15 වනදා බැවින් 2020 මැයි 15 වනදා දක්වා සිය ධුරය දැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට අයිතියක් ඇති බවයි ඔවුන්ගේ නීති තර්කය වී ඇත්තේ.

මෙම මත විමසීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අවසන් වනතෙක් නාමයෝජනා කැඳවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීමට ද ජනාධිපතිවරයාට නීතිමය අයිතියක් තිබෙන බවටද කරුණු වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button