දේශීය

ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්

උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය, ගාලුපාර, අලියගහ මන්දිරය, ලෝටස් පාර, ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද(18) තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොටුවේ පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසය හේතුවෙන් මහජනයාට හිරිහැර සහ බාධා ඇති වන බවට කොළඹ මධ්‍යම පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, නීතී කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සහ කොටුව පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මහෙස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගය කඩ කරන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසද, තහනම් නියෝගය මහජනතාවට ප්‍රදර්ශනය කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button