දේශපාලන

පොහොට්ටුවට මෛත්‍රී එපාම වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය දා කොළඹ නෙළුම් කුළුණ විවෘත කරමින් කරන ලද රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් පොහොට්ටු පාර්ශ්වයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පවත්වන සන්ධාන සාකච්ඡා වහාම අත්හැර දැමිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතන් ගණනාවක්ම එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇත. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිම්මට්ටමේ පාක්ෂිකයන් හෝ තනි තනි මන්ත්‍රීවරුන් එක් වන්නේ නම් ඔවුන් සමග සාකච්ඡාවක් කර ඔවුන් පක්ෂයට එක් කරගැනීමට ගැනීමේ විරෝධයක් නැති බවද ඔවුන් සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු එකඟතාවයක් හෝ ඔහුට නව සන්ධානයේ හෝ මීලග ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බව බහුතර පිරිසකගේ අදහස වී තිබුණ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හෝ නායක මට්ටමේ කිසිවෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් දැනට සිදු කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button