දේශීය

නෙලුම් කුලුනෙන් බිලියන දෙකක වංචාවක්

නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා.

ඒ නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

2012 වසරේදී නෙලුම් කුලුන ඉදිකිරීම් කටයුතු සදහා චීන සමාගමකට රුපියල් බිලියන දෙකක මුදලක් රජය විසින් අත්තිකාරම් මුදලක් වශයෙන් ගෙවා ඇති බවත්, වැඩිදුර කරුණු සොයා බැලීමේදී එලෙස චීනයේ සමාගමක් නොමැති බවත් හෙළිදරව් වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

නෙලුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු පසුගිය මහින්ද ‍‍රාජපක්ෂ රජය සමයේදී එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එවකට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ඊට අදාළ ඉඩම් නිදහස් කිරීම ඇතුලු කටයුතු සදහා විශේෂ දායකත්වයක් ලබා දුන්නා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම දූෂණ වංචා පිළිබඳ තොරතුරු හෙළිකලේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාද සහභාගී වූ උත්සවයකදී වීම විශේෂත්වයක්.

නෙලුම් කුලුනේ සෑම කාර්යයක්ම අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 3000ක පමණ මුදලක් අවශ්‍ය බව හෙතෙම එම උත්සවයේදී පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button