දේශීය

පන්සල් වත්තෙන් හමුවුණු පාවෙන ගලට මිනිස්සු වඳින්න පටන් අරගෙන

බදුල්ල තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් පිරිසකට පන්සල් වත්තේ තිබී හමුවූ ජලයේ පාවෙන ගල දැක බලා ගැනීමට මේ වන විට විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිනෙන අතර ඇතැමුන් ඊට වැද නමස්කාර කර පඩුරු දැමීමටද පටන්ගෙන ඇතැයි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධීකාරී තල්දෙන ධම්මවංස හිමියෝ පවසති.

මෙම අපූරු ගල ආරක්ෂා කර ගැනීම සදහා එය වතුර පිරවූ භාජණයකට දමා ඒ වටා කම්බි වැටක් ඉදිකිරීමට කටයුතු කල බවද විහාරාධීපති හිමියෝ පැවැසූහ.

පන්සල් වත්තේ සිට බදුලු ඔය තෙක් වැටී ඇති අඩි පාරක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී බෝධිරාජාරාම විහාරස්ථානයේ සාමණේර හිමි නමකට මුලින්ම මෙම ගල දැකගන්නට ලැබී ඇති අතර එය ජලයට දමද්දී පාවීමට පටන්ගැනීම නිසා උන්වහන්සේ එය මුලින්ම විහාරස්ථානය වෙත රැගෙන විත් ඇත.

පසුව එය විහාරස්ථානයේ ඇති පොකුනට දමා ඇති අතර එය ජලයේ පාවෙන්නට වූ බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

සුදු සහ අළු පැහැයෙන් යුත් මෙම ගල කොස් ගෙඩියක් තරම් විශාල එකක් බවද එහි පිට ස්ථරය කබොක් ගලක ස්වරූපය ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. ගල කිරා බැලීමේදී එහි බර කිලෝ ග්‍රෑම් 6 ග්‍රෑම් 900 ක් පමණ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button