දේශපාලන

“IS ප්‍රහාර මාලාවක් ආයෙමත් ලංකාවට….” – ගෝඨාගේ ප්‍රචාරණයේ වැඩක්

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් යළි ශ්‍රී ලංකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

ඔවුන් රට තුළ ඉතාම සන්නද්ධව සිටින බැවින් කොයි ආණ්ඩුවකටවත් ඔවුන්ව නැවැත්වීමේ හැකියාවක් නොලැබෙනු ඇති බවයි එහිමි අනතුරු හඟවා සිටියේ.

පසුගිය ඉරිදා පුවත්පතක සඳහන් වූ ආකාරයට මාවනැල්ලේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ මවුලවිවරයකු අත් අඩංගුවට ගත් පසුව ඔහු විසින් පාපොච්ඡාරණයක් කර ඇති අතර දිගටම ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කර 2027 වසරේදී ශ්‍රී ලංකාව අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවයි ඥානසාර හිමි සඳහන් කළේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ බොදුබල සේනාව අතර සම්බන්ධය රටම දන්නා කරුණකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්වීමට ආසන්න වෙද්දීම ඥානසාර හිමි කරළියෙන් එක්වරම අතුරුදන් වූ බව ද අපට මතකය.

පසුගිය මාස එක හමාරක පමණ කාලයක් ඥානසාර හිමි මාධ්‍ය ඉදිරියේ පෙනෙන්නට සිටියේම නැත.

මන්දයත් ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුස්ලිම් නායකයින්ගේ සහාය ලබාගැනීමේ වුවමනාව මහින්ද රාජපක්ෂ මහතාට තදින්ම තිබුණු බැවිනි. එහෙත් එයට එතරම් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීමත් ගෝඨාභය රාජපක්ෂ, මහින්දව නොතකා තමන්ගේම ක්‍රමවේදයට අනුව ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ දැන් නැවතත් බොදුබල සේනාව සටන් බිමට අවතීර්ණ කරවා ඇති බව පෙනෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button