දේශපාලන

වවුනියාව ශ්‍රී ලංකාවේ අගනුවර කරන්නැයි ඉල්ලීමක්

දෙමළ බහුතරයක් ජිවත් වන වවුනියාව ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස නම් කරන්නැයි ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටින දැනට ඉදිරිපත්ව ඇති එකම ජනාධිපතිවරණ අපේක්ෂිකාව ඉල්ලා තිබේ.

වවුනියාව අගනුවර ලෙස නම් කර සංවර්ධනය කිරිම හරහා ජාතීන් අතර සමගිය වර්ධනය වන බව හා ජාතික ප්‍රශ්නය විසඳුමක් ලැබෙනු ඇති බවටයි ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා විශ්වාස කරන්නේ.

රටේ ජාතීන් හා වෙනත් දේ බෙදී වෙන්වී දෙපැත්තක් බවට පත්ව ඇති නගරය වවුනියාව බව පවසන ඇය රටේ අගනුවර බවට වවුනියාව පත් කිරීම තුළින් විශාල විසදුම් සංඛ්‍යාවක් සොයා ගත හැකි බව කොළඹ පැවති සාකච්ජාවක දී කියා සිටියාය.

යුද්ධය නිසා බිඳී ගොස් ඇති දෙමළ වැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් බව කී ආචාර්ය අජන්තා පෙරේරා දෙමළ ජනතාවට සංවර්ධන කටයුතු වැඩි වශයෙන් ලබා දිය යුතු බවද සඳහන් කළාය.

මෙරට දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට විශාල කැමැත්තක් දක්වන බවද ආචාර්ය අජන්තා පෙරේරා වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button