දේශපාලන

ජනධිපතිවරණ අපේක්ෂක පොරය මැද්දේ අන්තරේ කැඳවුම්කරු අපේක්ෂක සටන

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වර්ථමාන කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය විසින් ස්වාධීන වීමට ගත් තීන්දුවත් සමග මෙතෙක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකරුවෙකුව සිටි ඔහුගේ, පාලන බලය තම පක්ෂයෙන් ගිලිහී යාම හේතුවෙන් නව කැඳවුම්කරුවෙකු පත්කිරීමට මේ දිනවල පෙරටුගාමී පක්ෂය විශාල සටනක නියැලී සිටියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය අංශයේ ජාතික කමිටු සාමාජිකයකු වූ දැනට අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වන රත්කරව්වේ ජිනරතන හිමි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊලඟ කැඳවුම්කරු බවට පත්කිරීමට තීරණය කර ඇත. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය අංශය වෙනුවෙන් විවෘත විශ්වවිද්‍යාලයේ උදාර සඳරුවන්, අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගිහාන් වීරසේකර යන අය ඊලඟ විශ්වාසවන්ත ශිෂ්‍ය නායකයින් ලෙස ලැයිස්තුවේ ඇතිබව සඳහන් වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර 2020 ජනාධිපතිවරණයට තම අපේක්ෂයකු ඉදිරිපත් කරන බව මාධ්‍ය සාකච්චාවක් පවත්වා ප්‍රකාශ කල අතර එම දේශපාලන ඉලක්කයන් වෙනුවෙන් ඔවුන්ට මුදල් සහ සංවිධාන බලය ඇති එකම බහුජන සංවිධානය වන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ඔවුන්ගේ අණසකට යලි ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව මේ දිනවල විශ්වවිද්‍යල ශිෂ්‍ය සංගම් තුල ඉතාම උණුසුම් සටනක් මතුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button