දේශීය

බෝරාවරුන්ගේ සමුලුව කොළඹදී

බෝරා මුස්ලිම්වරුන් 25000 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘බෝරාවරුන්ගේ සමුළුව’ අද (01) කොළඹදී ආරම්භවේ.මෙම සමුළුව කොළඹ 04 (බම්බලපිටිය), වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.

රටවල් 40 ක බෝරාවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආර්ථික සමුළුව හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ බිඳවැටී තිබුන සංචාරක කර්මාන්තයට නව පනක් ලැබී ඇති අතර කොළඹ සහ ඒ අවට සංචාරක හෝටල් සියල්ල කාර්‍යය බහුල වී ඇත. හෝටල් කාමර මිලද ඉහල ගොස් ඇති අතර ත්‍රී රෝද රථ රියදුරන් සංචාරක මග පෙන්වන්නන් සහ කොළඹ කඩසාප්පු පවා වෙනදාට වඩා කාර්‍යයබහුල වී ඇති බවක් දක්නට ලැබෙයි. මේ ආශ්‍රයෙන් කොළඹ සහ රටේ සංචාරක ක්ශේත්‍රයට ඇමරිකානු ඩොලර් මිලියන පනහක පමන අමතර ආදායමක් ලැබෙතැයි විශ්වාස කරන අතර එය ශ්‍රී ලංකා රුපියල් බිලියන නවයකට ආසන්න මුදලකි.

මීට ප්‍රථම, 2007 වසරේදී බෝරාවරුන්ගේ සමුළුවක් කොළඹදී පවත්වා ඇති අතර එම අවස්තාවට බෝරාවරුන් 7000 ක පමණ පිරිසක් සහභාගී වී ඇත.

අදින් ආරම්භ වන මෙම සමුළුව දින දහයක් පුරා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button