ශාස්ත්‍රීය

සාන්දෘශ්ටිකවාදය

සාන්දෘශ්ටිකවාදය මිනිසාගේ පැවැත්ම පිළිබඳ දාර්ශනික සම්ප්‍රදායකි. එය මාක්ස්වාදි මෙන්ම බෞද්ධ දර්ශණයට යම් සමානකමක් දක්වයි. අනෙක් දාර්ශණික සම්ප්‍රදායන් සමඟ සැසදීමෙදි මෙහි ඇති ප්‍රධානතම වෙනස වන්නේ යමක සාරය නොව එහි පැවැත්ම පිළිබඳ සලකා බැලීමයි. විශේෂයෙන්ම මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳවයි.

මිනිසා යනු කවරෙක්ද? යන්න සෙවීමට වඩා මිනිසා කෙසේ වියයුතු ද? මිනිසා කෙසේ හැසිරිය යුතුද? යන්න අධ්‍යනය කරන මොවුන් යමක සාරයට වඩා එහි පැවත්ම පිළිබඳ ඇති වැදගත්කම කියාපායි. සාන්දෘශ්ටිකවාදයෙහි ආරම්භකයා ලෙස සලකනු ලබන්නේ ‘කියකිගාඩ්’ ය. නමුත් ඔහුට පෙර මෙ පිළිබඳ අදහස් දැරූ දාර්ශනිකයන් සිටි බව පෙනෙයි.

කෙසේ වුවත් මෙම දාර්ශනික සම්ප්‍රදාය ලෝකය තුල නව චින්තනයක් ගොඩ නැගීමට දායක වුවා සේම සාහිත්‍ය ක්ශේත්‍රයට විශාල දායකත්වයක් දක්වන ලදි.

සාන්දෘශ්ටිකවාදී දාර්ශනික සම්ප්‍රදාය තුළ වුවද එකම කුලකයක පමනක් අදහස් දැක්වු පිරිස් නොවීය. මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි එනම් ඊශ්වර වාදි මතයන් දරණ සහ අනීශ්වරවාදි මතයන් දරන සාන්දෘශ්ටිකවාදීන් ලෙසින්.

සාන්දෘශ්ටිකවාදී අදහස් තුළ වඩා හොඳ මානව සමාජයක් පවත්වාගෙන යාමත්, අනාගත සමාජය වඩා හොඳ සමාජයක් විය යුතුය යන්නත්, මිනිසා අනෙක් සියල්ලට වඩා වෙනස්ය යන්නත්, ඔහු සමාජයේ පවතින සියලුදෙයෙහි ප්‍රයොජන ලබා ගන්නේය යන්නත් සියල්ල පාලනය කිරිමට හැකිය යන්නත් පිළිගනියි. මේ නිසා මිනිසාගේ නිදහස සහ සමාජයේ ඇති භාදා ගැන අවධානය යොමු කරයි.

විශේෂයෙන්ම ලෝක යුද්ධය සහ සාම්ප්‍රදායික දාර්ශණික සම්ප්‍රධායන්ගෙ බිඳවැටීම මෙම චින්තනය බිහිවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේය. මෙහිදී මිනිසාගේ මරණය පිළිබඳව, දෙවියන්ගේ පැවැත්ම, ආගම ගැන විශේෂ අවධානයක් යොමුවිය. ‘කාර්ල් ජැස්පර්ස්’ නැමැති ඊශ්වර වාදි දාර්ශනිකයා ප්‍රකාශ කලේ විවිධ විද්‍යාවන් හරහා මිනිසාගේ බාහිර චර්‍යාවන් පමණක් අධ්‍යනය කරන බවයි. එසේම නූතනයේ ආගම හුදෙක් බාහිර සිරිත් විරිත්වලට පමනක් සීමා වී ඇති බවයි. නමුත් දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව අවභෝද කරගත යුතුය යන්න මොහුගේ අදහසයි.

‘ගාබ්‍රියෙල් මාර්සෙල්’ ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කොට ඇත. ඒ කාර්මික නිශ්පාදන නිසා මිනිසා හුදු යන්ත්‍රයක් බවට පත්වී ති⁣බෙන බවයි. මිනිසාට මිනිසා අමතක වී ඇත. කාර්මික නිශ්පාදන මිනිසා සඳහාවන අතර මිනිසා යන්ත්‍ර සූත්‍ර ලෙස කටයුතු කිරීමෙන් ඔහු සතු උසස් ගුනාංගවන මානුශීය සබඳතාවන් සහ මානව නිදහස ඔහු විසින් ඉවත් වී ඇත. මේ සඳහා ගාබ්‍රියෙල් ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන ලෙසයි.


විමුක්ති එදිරිසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button