දේශීය

මරගල රක්ශිතය ආයෙමත් ගිනි ගනියි….

මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ යළිත් ගින්නක් හට ගෙන තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එච්.රවීන්ද්‍ර කුමාර සඳහන් කළේ, පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතයේ හටගත් 05 වැනි ගින්න මෙය බවයි.

ඊයේ (29) පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුධ හමුදාවේ ද මැදිහත්වීම මත කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසුවා.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 52,000ක් සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදාහැරීම ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button