දේශීය

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් සහ ෆාම් තෙල් අඩංගු නොවන බව තහවුරු වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල සත්ත්ව තෙල් සහ ෆාම් තෙල් අඩංගු බවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පසුගිය සමයේ පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයත් සමග කිරිපිටි සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇතිවුනා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් කතානායක කරු ජයසූරිය මේ පිලිබඳව පරීක්ෂනයක් සිදු කරන මෙන් ඉල්ලීමක් කලා.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් වෙළඳපොළෙන් ලබාගත් කිරිපිටි සාම්පල් ජර්මනියට යවා තත්ව පරීක්ෂනයට ලක් කරනු ලැබුවා.

එම පරීක්ෂන වාර්තා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කතානායක වෙත භාරදීම පසුගියදා සිදුවූ අතර විශය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කර සිටියා.

වාර්තාවලට අනුව ආනයනික කිරිපිටි වල සත්ව තෙල් හෝ ෆාම් තෙල් අඩංගු නොවන බව සඳහන් බව එම අධිකාරිය පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button