දේශීය

“මේ රට හදන්න හාමුදුරුවරු මරන්න වෙනවා”

මේ රටේ මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් කළ යුතුව ඇති බවත්, රටකට පළමුවෙන්ම අවශ්‍ය කරන්නේ දර්ශනයක් බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි. උන්වහන්සේ මේ බව පවසා සිටියේ කාල්ටන් නිවසේ පැවැති ධර්ම දේශනවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද පැවැසීය.

රටකට දර්ශනයක් අවශ්‍ය බවත් එය සෑදිය යුත්තේ පූජකයින් අධ්‍යත්මිකව බවත් එහෙත් ඔවුන් මේ වනවිට දේශපාලකයින්ටත් එහා ගොස් දේශපාලනය කරමින් සිටින බවත් ආනන්දසිරි හිමියන් පවසයි.

ලංකාවේ කිසිම පක්ෂයක දේශපාලකයින් කළයුතුව ඇති බොහෝ දේ කිරීමට පූජ්‍ය පක්ෂය ඉඩ නොදෙන අතර ඊට මාධ්‍යයත් ඇතුලත් බව උන් වහන්සේ පෙන්වා දෙයි.

එහෙත් යුරෝපයේ ක්‍රමය වෙනස්. අපිට ගිහින් යුරෝපයේ පාලනයට ඇඟිලි ගහන්න බැහැ. අපිට ගිහින් ජපානයේ පාලනයට ඇඟිලි ගහන්න බැහැ. අපිට ඔනේනම් ආධ්‍යාත්මික පණිවුඩයක් පමණක් කියනන් පුළුවන්. මොකද ඒ රවටල් වල පාලන තන්ත්‍රය කවදාවත් අපෙන් පාලනය බලාපොරොත්තු වෙන්නේ නැහැ. භික්ෂුවක් මිනිසුන් පාලනය නොකළ යුතුයි. ඒ වගේම අවවාද කළ යුතුයි. ගෞතම බුදුන්ගේ දේශනාව ඒක.

මොකද මිනිස්සුන්ව පාලනය කරන්න ඕනේ පාලකයෝ. පාලකයින්ගේ පාලන කටයුතු වලට භික්ෂූන් ඇඟිල් නොගැසිය යුතුයි. නීතියට භික්ෂුව යටත් විය යුතුයි…. නමුත් අපේ රටේ එහෙමද…? මම දැක්කා භික්ෂූන් අනවශ්‍ය ලෙස පාලන කටයුතු වලට ඇඟිලි ගහනවා.

කවදා හරි දවසක, මාවෝ සේතුං චීනය හදන්න කළා වගේ සමහරවිට මේ රට හදන්න හාමුදුරුවරු මරලා දාන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button