දේශීය

අද ඉඳන් 11 දක්වා මුහුදු යාම අවදානම්

අද සිට උතුරු හා මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල 11 වැනි දින දක්වා ධීවර හා නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනට බස්නාහිර ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉදිරි පැය 6තුල මන්නාරම හා පුත්තලම හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකියි. එවිට සුළගේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණ ඉහළ යාමට හැකි හෙයින්, එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට හැකියාවක් පවතී. මන්නාරම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button