දේශීය

ජමියතුල් උලමා බුර්කාව ඉල්ලා මුස්ලිම් කාන්තාවන්ගෙන් බලෙන් අත්සන් එකතු කරයි

මුස්ලිම් කාන්තාවන් සඳහා පනවා ඇති සම්පූර්ණ මුහුණු ආවරණය කිරීමේ තහනම ඉවත් කරන ලෙස ඉල්නා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා මුස්ලිම් කාන්තාවන්ගෙන් ආකෘති පත්‍රයකට අත්සන් ලබා ගන්නා අතර දැනටමත් දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශ වල මුස්ලිම් කාන්තාවන්ගෙන් අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

මුස්ලිම් පල්ලි වල ද මැදිහත් වීමෙන් ජමියතුල් උලමා සංවිධානය මෙය සිදු කරමින් සිටින අතර සියලු කාන්තාවන් විසින් මේ සඳහා අත්සන් තැබිය යුතු බවට ඔවුන් බල කරමින් සිටින්නේ එසේ නොකළහොත් පල්ලියේ කිසිදු මැදිහත්වීමක් හෝ රැකවරණයක් ඔවුන්ට ලබා නොදෙන බවට තර්ජනය කරමිනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(01), 12(02) සහ 14(01) වගන්ති උපයෝගී කර ගනිමින් මෙම මානව හිමිකම් පෙත්සම ගොණු කර ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ 2019.05.28 දින නිකුත් කරන ලද 13/2019 දරණ චක්‍රලේඛය අහෝසි කරන ලෙසයි.

කෙසේ වෙතත් ජමියතුල් උලමා සංවිධානය විසින් නැවතත් මුස්ලිම් අන්තවාදයේ සහ කාන්තා අයිතිවාසිකම් අවහිර කිරීමේ දිශාවට මුස්ලිම් සමාජය රැගෙන යමින් සිටින බවට ප්‍රගතිශීලී මුස්ලිම් සංවිධාන චෝදනා කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button