දේශීය

ජනාධිපති රථයට සමාන්තරව රිය ධාවනය කළැයි අයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බකමුණ ප්‍රදේශයේ පෙරේදා (03දා) පෙරවරුවේ පැවැති උත්සවයක් සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම කාර් රථයට ගත් සමගාමීව ගමනට බාධා වන අයුරින් ගමන් ගත් කැබ් රථයක් අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.

සැකකකරු 50 හැවිරිදි මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බකමුණ ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා බකමුණ – දඹුල්ල මාර්ගයේ ගමන් කරමින් සිටියදී ජනාධිපතිවරයා ගමන් ගත් රථයට සමගාමීව අධික වේගයෙන් ගමන් ගත් කැබ් රථයක් වහාම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රථයක් හරස් කොට කැබ් රථය නවත්වා කැබ් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන බකමුණ පොලීසියට භාරදී තිබේ.

සැකකරු සහ කැබ් රථය හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් බකමුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


මෙම පුවත වාර්තා කර තිබුනේ ජාතික පුවත්පතකිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුනු මුල් කාලයේ කහ ඉරක් ළඟ නවත්වා මගීන්ට පාර පනින්නට ඉඩ දුන් සිදුවීමක් මහා ඉහලින් මාධ්‍ය විසින් වාර්තා කළේය. නමුත් දැන් සිදුවන්නේ සාමාන්‍යයෙන් පාරේ ගමන් ගන්නා වාහන ජනාධිපතිගේ වාහනයට සමාන්තරව ගමන් ගන්නා සිදුවීම් බාධා කළා යයි සලකා රියදුරන්ව අත්අඩංගුවට ගැනීමය. මෙම සිදුවීමෙදී එම රථයේ රියදුරු මාර්ග නීති කඩ කරමින් වරදක් කලේ දැයි අපි නොදනිමු. එසේ කළා නම් දඬුවම් විඳිය යුතුය. නමුත් ඔහු කලේ ප්‍රභූ රථයකට සමාන්තරව ගමන් කිරීම පමණක් නම් එහි කිසිඳු වරදක් තිබිය නොහැකිය. මන්ද ශ්‍රී ලංකාවේ ප්‍රභූන් කියා පිරිසක් නැති අතර ජනාධිපති වුවද මහපාරේ ගමන් කරන විට සාමාන්‍ය මාර්ග නීති පිළිපැදිය යුතුමය.

ජනාධිපතිට එක නීතියකුත්, මහජනතාවට තවත් නීතියකුත් මේ රටේ නැති බව ජනාධිපති සහ ආරක්ෂක අංශ මතක තබා ගත යුතුමය. කහ ඉරෙන් පාර පැනීම මහා ඉහලින් මාකට් කල අවස්තාව ගැනත් අපට කියන්නට ඇත්තේ ඒ බොළඳ මානසිකත්වයක් බවයි. මන්ද කහ ඉරෙන් පාර පනින්නට ඉඩ දීමට ජනාධිපති වාහනය නැවත්වීමත් සාමාන්‍ය ජනතාව වාහන නැවැත්වීමත් වෙනසක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button