විශේෂාංග

කාදිනල්…. ඔයා ලෝගුව ගලවා මහින්ද සරණ ගියාට අපට කමක් නැත….

මීට පෙර කතෝලික සභාවේ ගරු රදගුරුතුමන්ලාවත් ගරු පියතුමන්ලාවත් කිසවෙක් ප්‍රසිද්ධියේ දේශපාලනය කලේ නෑ.

මැතිවරණයක් පැමිණියාමත් කිසිම පූජක පුතෙකුට තම තමන්ට රිසි පක්ෂයකට ඡන්දය භාවිතා කරන්න කතෝලික සභාව තුල අවසර තිබුණේ නෑ.

මැතිවරණයක් පැමිණියාම රදගුරුතුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා ඒ ඒ රදගුරු වසම් තුල රැස්ව සාකච්චා කොට තීරණයකට එනවා මෙවර සියළු දෙනා මොන පැත්තකට ඡන්දය භාවිතා කල යුතුද යන වග. ඒ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මිසක එතුමන්ලාට වාසි වෙන ආකාරයකට නොවේ. ඒ එන තීරණය අනුව තම ඡන්දය භාවිතා කරන්න රදගුරු තුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා වගකීමෙන් බැදී සිටිනවා සේම කිසිම ආකාරයෙන් එම තීරණය කිසිම අයෙකුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ ඒ තීරණය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පෙල ගැස්වවීම සපුරා තහනම් වෙනවා.

එහෙත් දැන්….

කාදිනල්තුමා….
ලෝගු ඇදගෙන ප්‍රසිද්ධියේ දේශපලනය කරනවා.

කාදිනල්,
ඔයා මහින්දගේ ගජයා බව ඇත්ත.

ඔයා ඔයාට හිමි වරප්‍රසාද බාවිතා කරලා මහින්දගේ කළු සල්ලි එහා මෙහා ගෙනයපු බවත් ඇත්ත.

එහෙත් ඔයාගේ මජිරි තක්කඩි දේශපාලනයට ලංකාවේ කතෝලික සභාව ඈදා ගන්නවත් ඒ තක්කඩි දේශපාලනය කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය මතට ගෙනෙන්නවත් ඔබට අයිතියක් නැති බව කරුණාකර සිහි තබා ගන්න. ඔබට එසේ කරන්නට බැරි නම් ලෝගුව ගලවා මහින්ද සරණ ගොස් ඕනා තකතීර දේශපාලනයක් ඔහුත් සමග කොර ගත්තා වුවද අපට කම් නැත. කරුණාකර කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය කෙලසන්න එපා.

අනික ඔබ කොළඹ අගරදගුරු පදවියේ නායකයා මිස සමස්ත ලංකාවේම කතෝලික සභාවේ නායකවයා නොවන බව මතක් කරගෙන ඔබ සිටිනා සිහින අට්ටාලයෙන් බිමට බසින්න. ඔබට අයිති වපසරිය ඇත්තේ කොච්චිකඩේ තෝප්පුව පාලමත් බෙන්තර පාලමත් අතර කොටසේ පමණි. ඊට එහා කිසිම කතෝලිකයෙකුට ඔබගේ අණ බල නොපැවැත්වෙන බව තරයේ මතක තබා ගන්න.

(කතෝලික පරිපාලනය ගැන නොදන්නා අය මේ ගැන තර්ක කල හැක. එහෙත් අගරදගුරු කාදිනල්ට අයත්ව ඇත්තේ කොලඹ පදවිය තුල නායකත්වය මිස ලංකාවේ සමස්ත කතෝලික සභාවේ නායකත්වය නොවේ. ඒ ඒ පදවි සදහා ඒ ඒ රදගුරු හිමිපාණන් සිටිනා අතර ඔවුන්ගේ බලතල හා කාදිනල් ගේ බලය පරිපාලනය තුල සමානය. ඇත්තේ පදවියේ තානාන්තරය තුල පාප්වහන්සේ තෝරන ඡන්දයක් කාදිනල් හිමිපාණන් කෙනෙකු හට පමණක් හිමිය යන වරප්‍රසාදය පමණි)

එදා රතුපස්වල මිනිසුන් වතුර ඉල්ලා වෙඩිකද්දී, සරණ සොය පල්ලියට ගිය මොහොතේ මහින්දගේ ඝෝටාගේ මිනීමරු කුලී හේවායන් දේවස්ථානයට පැමිණ එහි සිටි කතෝලික ජනතාවට පමණක් නොව ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ වැඩසිටිනාවූ මණ්ඩපයට පවා වෙඩි තබන විට නෑරුනු ඔබේ කට,
ධීවර කටයුතු වලට තෙල් ඉල්ලා වෙඩි කන විට සරණ සොය හලාවත ආසන දෙව් මැදුරට ගිය මොහොතේ මහින්දගේ කුලී හේවායන් පැමිණ ආසන දෙව් මැදුරු භූමියේ පවා වෙඩි තබන විට නෑසුනු ඔබේ කට,
මහින්දට වාසි තකා මහින්ද වෙනුවෙන් වෙනත් එක පාලකයෙකු පමණක් ඉලක්ක කරමින් ඔහුට එරෙහිව පමණක් ඇරෙන විට හරි ගඳයි.

එනිසා කතෝලික සභාවට අපහාස නොකර සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවියන්ට අයිති දේ දෙවියන්ටත් ලබා දී කරුණාකර ගෙදර යන්න.


ලකිත් ශ්‍යාමන්
(ලංකාවේ කතෝලික සභාවේ නිල පුවත්පතේ ප්‍රධාන අතිරේකයේ වසර 5ක් සහය සංස්කාරක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button