දේශීය

තලවාකැලේ ගංවතුර නිසා ආපදා තත්ත්වයක්

තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් තලවාකැලේ පේරම් තේ වත්ත ප්‍රදේශයේ කම්කරු නිවාස නවයක් ගංවතුරට හසුවී ඇති බව තලවාකැලේ පොලිසිය පවසනවා. එම ස්ථානයේ නිවසක් මතට ගසක් කඩා වැටීම නිසා තවත් අසීරු තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

මෙම සිදුවීමෙන් පවුල් නවයකට අයත් ළමුන් 23 ක්, කාන්තාවන් 12 ක් සහ පිරිමි 9 ක් අවතැන් වී තිබෙනවා.

ඔවුන් එම තේ වත්තේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නවතා ඇති බවත් පොලිසිය පවසා සිටිනවා.

අවතැන් වූවන්ට පිසු ආහාර ලබාදිමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button